Donate Blood, Save lives...!!
Can you donate blood ?
රුධිර පරිත්‍යාගශීලියෙකු ලෙස පිළිගැනීමට නිර්ණායක කිහිපයක් සපුරාලිය යුතුය. පරිත්‍යාග කරන්නාගේ ආරක්ෂාව මෙන්ම පරිත්‍යාග කරන ලද රුධිරයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා මෙම නිර්ණායක දක්වා ඇත.
ඔබත් රුධිර දායකයකු වීමට නම්,
- • වයස අවුරුදු 18ත් 60ත් අතර (පළමු වර අවුරුදු 55),
- • බර කි.ග්. 50ට වැඩි,
- • පෙර අවස්ථාවේදී රුධිරය ලබා දී මාස 4ක් සම්පුර්න,
- • රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය 12.5g/dl හෝ ඊට වඩා වැඩි,
- • ගර් භ නි භාවයෙන් හෝ රෝග තත්වයකින් නොපෙළෙන,
- • විදෙස් ගත වී යලි මෙරටට පැමිණ අවම මාස 3කට වඩා වැඩි,
- • අවදානම් හැසිරීම් වලින් තොර,
පුද්ගලයකු විය යුතුය.